Layer එකක් මත වර්ණ දෙකක Gradient එකක් ලබාගැනීම (Ramp effect)


ඉහත රුපයේ ආකාරයට Ramp effect එක මගින් වර්ණ දෙකක Gradient එකක් ලබාගත හැක. මෙය
Effect > Generate > Ramp ඔස්සේ ගොස් ලබාගත හැක. 

Effect Controls of Ramp Effect

  • Start of Ramp, Start Color - Gradient එකේ ආරම්භක ලක්ෂය හා එහි වර්ණය මෙමගින් සැකසිය හැක.

  • End of Ramp, End Color - Gradient එකේ අවසාන ලක්ෂය හා එහි වර්ණය මෙමගින් සැකසිය හැක.

  • Ramp Shape - මෙමගින් Ramp එක විහිදෙන ආකාරය සැකසිය හැකි අතර එමගින් Linear Ramp (රේඛියව ) හා Radial Ramp (චක්‍රීයව) Ramp එකක් සැකසිය හැක.
එකම ramp එක මත Ramp Shape එක  linear හා Radial යෙදු විට

  • Ramp Scatter -මෙමගින් ramp එක මත Sharpness වීමක් ලබාගත හැක. මෙය වැඩි කිරීමෙන් ගල් බිත්තියක් මත ඇති ramp එකක් වැනි ස්වරුපයක් ලබාගත හැක.පහත රුපයේ Ramp Scatter එක හැසිරෙන ආකාරය දැක්වේ.
එකම ramp එකට Ramp Scatter යෙදු අවස්ථාවක්
  
  •  Blend With Original - මෙමගින් ramp එකේ opacity එක අඩු වැඩි කල හැක. එමගින් අප ramp එක යෙදු layer එක ramp එක සමග blend වීම සැකසිය හැක. 0% දී ramp එක පමණක් දර්ශනය වන අතර 100% දී layer එක පමණක් දර්ශනය වේ.

Blend With Ramp 30% යෙදු අවස්ථාවක්
  

Share this

Related Posts

Previous
Next Post »