CC Pixel Polly Effect (යම් layer එකක් කෑලි වලට වෙන් වීම දැක්වීම)


ඉහත ආකාරයේ අලංකාර effect එකක් CC Pixel Polly Effect භාවිතයෙන් සැදිය හැක. මෙම effect එක ඕනෑම layer එකකට යෙදිය හරි අතර Pre-comp එකකටද මෙය යෙදිය හැක. CC Pixel Polly හි effect controls පහත පරිදි වේ.



  • Force -සත්‍ය වශයෙන්ම මෙහිදී සිදුවන්නේ පිපිරීමකි. පිපිරීම සිදුවන ප්‍රමාණය මෙමගින් සැකසිය හැක. ඉතා ඉහල අගයකදී අංශු විසිරෙන ප්‍රමාණය හා වේගය අධික වේ. තවද ඍන අගයන් වලදී අනෙක් අතට Force center එක දෙසට අංශු විසිරීම සිදුවේ.

  • Gravity - මෙමගින් ගුරුත්වය පාලනය කිරීම සිදුකරනු ලබයි. ධන අගයන් වලදී අංශු පහළටත් , ඍන අගයන් වලදී අංශු ඉහළටත්, 0 දී අංශු අහබු ලෙසත් චලනය වනු ලබයි.

  • Spinning - මෙමගින් අංශු කරකැවෙන ප්‍රමාණය සැකසිය හැක.

  • Force Center - මෙමගින් පිපිරීම සිදුවන ස්ථානය සැකසිය හැක.

  • Direction Randomness - මෙමගින් අංශු වල අහබු විසිරීම පාලනය කල හැක.

  •  Speed Randomness - මෙමගින් අංශු වල අහබු වේගය වෙනස් කල හැක.

  • Grid Spacing - මෙමගින් අංශුවල ප්‍රමාණය සැකසිය හැක. මෙය 1 වැනි අගයකදී අංශු වැලි වැනි ස්වරූපයකට පත් වේ.

  • Object - මෙමගින් අංශු වල හැඩය වෙනස් කල හැක. තවද Textured වීම හා නොවීමද මෙමගින් වෙනස් කල හැක.පහත දැක්වෙන්නේ එසේ ලබාගත හැකි අවස්ථා 4 යි.


  • Enable Depth Sort -මෙමගින් ගැබුර සැකසිය හැක. (සිදුවන දේ සොයා ගැනීමට අසීරුය)

  • Start Time (sec) - මෙමගින් පිපිරීම ආරම්භවන කාලය සැකසිය හැක.

Share this

Related Posts

Previous
Next Post »