ලෝක සිතියමක් භාවිතයෙන් ලෝක ගෝලයක් නිර්මාණය කරමු.(CC Sphere)


යාලුවනේ After Effects සිංහලෙන් පාඩම් මාලාව මගින් අද ඔයාලට කියලා දෙන්න යන්නේ CC Sphere කියන Effect එක ගැන.


මෙමගින් අපට ලෝක සිතියමක්, එහෙම නැත්නම් යම්කිසි 2D layer එකක් භාවිතා කරමින් 3D නිරමාණයක් කරගැනීමේ හැකියාව තිබෙනවා. බොහෝවිට after effect භාවිතා කරමින් ලෝක ගෝලයන් නිර්මාණය කරන්නේ මෙය භාවිතයෙන්.

මෙම effect එක ලබාගැනීමට.
Effect > Perspective   > CC Sphere ඔස්සේ පුළුවන්. තවද මෙහි effect Controls පහත පරිදි වෙනවා.


Rotation:- මෙමගින් අපට x,y,z යන අක්ෂයන් ඔස්සේ ගෝලය හෙවත් Texture කරකැවීමට හැකි වෙනවා.
Radius;- මෙමගින් ගෝලයේ අරය වෙනස් කරගැනීමට පුළුවන්.
Offset:- මෙමගින් Texture එක කරකැවෙන ලක්ෂය වෙනස් කර ගැනීමට පුළුවන්.
Render;-අප යොදා ගත් texture එක transparent එකක් නම් මෙම option එක හොදින් දැක ගනීමට පුලුවන්. මෙහිදී සිදුවන්නේ texture එකේ inside එක හෝ outside එක හෝ inside හා outside යන දෙකම එක විට ගෝලයක් බවට පත් වීමයි.
Light:- මෙමගින් light එකේ options වෙනස් කරගන්න පුළුවන්
Shading :- මෙමගින් Shading එකේ options වෙනස් කරගන්න පුළුවන්.

මේ video එකෙන් CC Sphere භාවිතයෙන් නිර්මාණයක් සිදුකරගන්නා ආකාරය බලාගන්න පුළුවන්


video එක පෙන්නන්නේ නැත්නම් පහත ලින්ක් එක ඔස්සේ video එක download කරගන්න.



යම් Layer එකක් Reverse කිරීම.



සමහර අවස්ථා වලදී අපට Pre-Composition , Composition, layer වැනි දෑ Reverse කිරීමට අවශ්‍යවේ. මෙහිදී අප කලයුතු වන්නේ අදාල  Pre-Composition , Composition හෝ layer එක select කර

Layer > Time > Time – Reverse Layer

හෝ

Ctrl + Alt + R


මෙමගින් එම layer එක reverse වීම සිදු වේ.

Composition එකක කාලය මනින ඒකකය වෙනස් කිරීම

සාමාන්‍යයෙන් composition එකක කාලය මනිනු ලබන්නේ. තත්පර,විනාඩි, පැය යන ආකාරයෙනි. නමුත් සමහර නිර්මාණ කිරීමේදී අපට කාලය frame වලින් මැනීමට සිදු වේ . මේ අවස්ථා වලදී අප කලයුතු වන්නේ ඉතා සුළු දෙයකි . එනම් composition panel එකේ ඇති පහත දැක්වෙන කාලය මනිනු ලබන ස්ථානය මත ctrl යතුර සමග mouse click එකක් කිරීමයි. එවිට තත්පර, විනාඩි, පැය වලින් ඇති ඒකකය frame වලට මාරු වන අතර නැවත එසේ කිරීමෙන් frame වලින් ඇති ඒකකය  තත්පර, විනාඩි, පැය වලට මාරු වේ.
  
Ctrl +  mouse click

Bevel Alpha Effect - Text layer එකක් වැනි එකක 3D පෙනුමක් ලබාගැනීම


 
මෙම effect එක භාවිතයෙන් අපට ඉහත ආකාරයේ layer එකක 3D පෙනුමක් ලබාගත හැක. තවද මෙම effect එක ලබාගැනීම සඳහා Effect > Perspective > Bevel Alpha යන මර්ගය භාවිතා කල හැක.
තවද Bevel Alpha Effect එකේ effect controls පහත පරිදි වේ.


Edge Thickness - මෙමගින් එම layer එකේ thickness එක වෙනස් කිරීමට හැකිය.

Light Angel - මෙහිදී සිදුවන්නේ light එකක් නිස මෙම layer එකේ දිලිසීමක් ඇති කිරීමයි. මෙම control එක මගින් එම light එකේ angel එක වෙනස් කිරීමට හැකිය.

Light Color - මෙමගින් ඉහත සදහන් කල light එකේ වර්ණය වෙනස් කල හැක.

Light Intensity - මෙමගින් light එකේ ත්‍රීව්‍රතාවය වෙනස් කල හැක.

After Effects Layer වල offset ලබාගත හැකි Script එකක්


මෙමගින් ඉහත පරිදි AE layers වල offset ලබා ගත හැක.
File > Scripts > Run script file… ඔස්සේ යන්න

ඉන්පසු පහත පරිදි script එක තෝරන්න.




දැන් පහත පරිදි dialog box එකක් open වන අතර එමගින් තමන්ටඅවශ්‍ය frame කීයක offset එකක්ද යන්න සැකසිය හැක.




මෙහිදී layers ඉහත සිට පහලට තේරීමෙන් එක offset එකකුත්, පහල සිට ඉහලට තේරීමෙන් තවත් offset එකකුත් ලබාගත හැක. 

මෙම script එක Download කිරීමට පහත බොත්තම ඔබන්න.

https://www.google.com/url?sa=i&rct=j&q=&esrc=s&source=images&cd=&cad=rja&uact=8&ved=0ahUKEwjRkojgzvfJAhVD9w4KHZP_BDwQjRwIBw&url=http%3A%2F%2Ftechmartz.blogspot.com%2F2015%2F04%2Fdownload-igi-1-game-free.html&psig=AFQjCNFHZxi3qrwEmBq5bgWj2tlQfyqtdA&ust=1451153616605886

Curves Effect - Color Correction සිදුකිරීම


මෙමගින් ඉහත ආකාරයෙන් Color Correction සිදුකිරීම කරනු ලබයි. මෙය ලබාගැනීමට
Effect > Color Correction > Curves 

මෙහි effect controls බොහෝ ප්‍රමාණයක් නොමැති අතර RGB, Red, Green, Blue  හා Alpha channels වෙන වෙනම curve එක මගින් සැකසීම සිදුකල හැක. 




මෙහි